efm

Dialog Open Mic වැඩසටහන නිර්මාණය කර ඇත්තේ තම හැකියාවන් එළිදැක්වීමට වේදිකාවක් සොයන ගීත ගායනයට දක්ෂතා ඇති ඔබ වෙනුවෙන්මයි. තෝරාගැනීමේ පරීක්ෂණ දිවයින පුරා ප‍්‍රධාන නගර රැසකදී පැවැත්වේ.

මේ සඳහා සහභාගි වන තරගකරුවන්ට Dialog Music සමග ගිවිසුමකට අත්සන් තැබීමට මෙන්ම ප‍්‍රවීණ සංගීතවේදීන් විසින් නිර්මාණය කරනු ලබන සංගීත කණ්ඩ සඳහා ගීත ගායනයට ද අවස්ථාව උදා වේ. විනිසුරු මඩුල්ලේ වැඩි අවධානය දිනාගන්නා තරගකරුවන්ට Dialog Music යටතේ ගිවිසුම් අත්සන් තැබීමට ද අවස්ථාවක් හිමි කරගත හැකිය.

Dialog Open Mic තරගයේ ජයග‍්‍රාහකයින් තෝරාගනු ලබන්නේ විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව පමණක් වන අතර කිසිදු මහජන මත විමසීමක් සිදු නොවේ. එබැවින් ජනතා මනාපයෙන් නොව වෘත්තීයමය ප‍්‍රවීණයින්ගේ ඇගයීම මත දක්ෂතාවය අනුව ජය ලැබීමට ඔබට හැකියාව ලැබේ. ඒ සඳහා ඔබ කළ යුත්තේ මෙම අයදුම්පත්රය සම්පූර්ණ කර අප වෙත එවා පසුව ඔබේ ප්‍රදේශයේ පැවැත්වෙන තෝරාගැනීමේ පරීක්ෂණය සඳහා සහභාගි වීමයි.

තෝරාගැනීමේ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන්

දිස්ත්‍රික්කය

ස්ථානය

දිනය

කුරුණෑගල

මලියදේව බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී

ජුනි 09

යාපනය

ඉලංකයි වෙන්තන් කලා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී

ජුනි 23

ගාල්ල

සවුත්ලන්ඩ් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී

ජුලි 07

රත්නපුරය

නගර සභා ශ්‍රවණාගාරයේදී

ජුලි 21

පොලොන්නරුව

රාජකීය මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී

අගෝස්තු 04

මහනුවර

කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලීයශ්‍රවණාගාරයේදී

අගෝස්තු 18

බදුල්ල

පුස්තකාල ශ්‍රවණාගාරයේදී

සැප්තැම්බර් 01

කළුතර 

නගර සභා ශ්‍රවණාගාරයේදී

සැප්තැම්බර් 15

කොළඹ

නගර සභා ශ්‍රවණාගාරයේදී

සැප්තැම්බර් 29

Dialog Open Mic ලියාපදිංචි වීමේ අයදුම්පත